2023 ජූලි 06, ප.ව. 1:53
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සිදු කෙරෙන සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ “ද්විත්ව කරමල් කැසොවරි” (Double Wattled Cassowary) කුරුල්ලන් තිදෙනකු අද (06) රාත්‍රී තායිලන්තයේ සිට දෙහිවල සත්වෝද්‍යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
මාස 09ක් පමණ වයසැති පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කැසොවරි කිරිල්ලියක 05 දින රාත්‍රී 11.10 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
උස අඩි 05 ක් පමණ වැඩෙන, කිලෝ ග්‍රෑම් 60 ක් පමණ බරක් දක්වා වර්ධනය වන මෙම කැසොවරි කුරුල්ලන් ලෝකයේ නපුරුම කුරුල්ලන් ඝනයට අයත් වන ලෝකයේ දෙවන විශාලතම පක්ෂීන් කාණ්ඩයට අයත් වේ . ඉතාම වර්ණවත් මෙම කුරුල්ලන්ට අහසේ පියාඹිය නොහැකි වීම විශේෂත්වයක්.
මෙම සත්ව හුවමාරු වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවෙන් මීමින්නන්, කළු වදුරන්, රිළව් , වළිකුකුළන් සහ තවත් සර්ප විශේෂ කීපයක්ම යැවීමට සූදානම් කර තිබෙනවා.
මෙසේ තායිලන්තයේ සිට ගුවන් මගින් පැමිණ තිබූ කැසොවරි කුරුල්ලන් භාර ගැනීම සදහා දෙහිවල සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය ධම්මිකා දසනායක මහත්මිය , සත්ව පාළක අශෝක ජයලත් සහ සත්ව භාරකරු අසංක ප්‍රනාන්දු යන මහත්වරුන් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණ සිටියහ .
කටුනායක – ටී.කේ.ජී.කපිල
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:00
2024 දෙසැම්බර් 22, පෙ.ව. 10:34
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:07