hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 දෙසැම්‍බර් 09, පෙ.ව. 12:25



ආපදාවට මුහුණදුන් පුද්ගලයින් මානසික පීඩාවන්ට ලක්වීමෙන් ඔවුන්ගේ මානසික තත්ත්වය වෙනස් විය හැකි බවත් එම නිසා මෙම ප්‍රජාවගේ මනස සුවපත් කිරීම සඳහා කටයුතු කළ යුතුව ඇති බවත් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.

ආපදා තත්ත්වය හේතුවෙන් තම ඥාති හිතවතුන් හා උන්හිටිතැන් අහිමි වූ පුද්ගලයින් සහ අවතැන් කඳවුරුවල සිටින අය වැඩි වශයෙන් මානසික පීඩනයට ලක්විය හැකි බව ද මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා පවසයි. විශේෂයෙන්ම ආපදාවට ලක්වූ ළමුන් හා වැඩිහිටි ප්‍රජාව පිළිබඳ විශේෂ අවධානය යොමුකළ යුතු බව ද හෙතෙම පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා මෙසේ කීවේය.

පසුකම්පන තත්ත්වය තුළ තම ගෙවල් දොරවල් විනාශවීම, ජීවිත නැතිවීම, නැවත මැවි මැවී පේන්න පටන්ගන්නවා. නින්ද නැතිවෙනවා. නපුරු හීන පේන්න පුළුවන්. අධික දුක හේතුවෙන් තමන්ට අනාගතයේ දී කවදාවත් ගොඩ එන්න බැහැ කියන හැඟීම් ඇති වෙනවා. තමන් කරන කියන දේ පිළිබඳ ආශාවන් අඩු වෙලා යන්න පුළුවන්, ජීවිතය ගැන ආශාව අඩුවෙන්න පුළුවන්. ළමුන් කථා නොකර පැත්තකට වෙලා ඉන්න පුළුවන්. කලහකාරි ලෙස හැසිරෙන්න පුළුවන්. මේවගේ අවස්ථාවල දී කළයුතු දේවල් රාශියක් තියෙනවා. ආපදාවට ලක්වූ අය කඩිනමින් සමාජගත කළ යුතුයි. ඒ අයත් එක්ක වැඩිපුර කථා කළ යුතුයි. ඔවුන්ගේ ගැටලුවලට සවන්දීලා එම ප්‍රජාවගේ සමාජීය ගැටලු විසඳිය යුතුයි. නැවත ජීවිතය පටන් ගැනීමට උදව් කළ යුතුයි.

රැකියා සඳහා ඉක්මනට යෑමට මාර්ගය සකස් කර දිය යුතුයි. කඩිනමින් දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑමට අවස්ථාව සලසා දිය යුතුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: