hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 ජූනි 25, පෙ.ව. 3:44



දීර්ඝ කාලසීමාවක් පෝලිම්වල රැඳී සිටීමෙන් දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසනවා.

ඔහු කියා සිටියේ එම මානසික පීඩනය හේතුවෙන් කායික රෝගී තත්වයන්ද උත්සන්න විය හැකි බවයි.

මේ දිනවල බැලු බැලු අත පෝලිම් බවත් පෝලිම්වල සිටිමත් පෝලිම් දැකිමත් මානසික වදයක් බවත් ඒ මහතා සඳහන් කළා.

කෙසේවතත් සියලුදෙනාටම පෝලිම්වල සිටිමට සිදු වි ඇති බවත් මෙලෙස පෝලිම්වලට පැමිණෙන තරුණ මෙන්ම වැඩිහිටියන්ද මෙය මානසික පීඩනයක් බවද වෛද්‍යවරයා පවසයි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“පෝලිම්වල සිටිම එක අතකින් කායිකව හා මානසිකව බලපානවා. මෙම පෝලිම්වලට තරුණයින් මෙන්ම වැඩිහිටියන්ද යවනවා. විවිධ කායික ආබාධ තියෙන අය යනවා. මේ අයට එක දිගට වැඩි වෙලාවක් හිටගෙන ඉන්න බැහැ. විවිධ කායික ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. මානසික අතතිය වැඩිවෙන්න පුළුවන්. එක දිගට එක විදියට පෝලිමක වරුවක් දෙකක් ඉන්නවා කියන්නේ අධික මානසික පිඩනයකට ලක්වෙන දෙයක්. මානසික පිඩනය වැඩි වු විට කායික ආබාධ වැඩි වෙන්න පුළුවන්.  නියමිත වෙලාවට බෙහෙත් ටික බොන්නේ නැහැ. තමන්ගේ සෞඛ්‍ය තත්වය ගැන සොයා බලන්න වේලාවක් නැහැ. ලේ පරික්ෂණ කර ගන්නේ නැහැ.”

“මානසික පිඩනය නිසාම තමන්ගේ ශාරිරික සෞඛ්‍යයත් අහිමි කර ගන්නවා. මෙවැනි අවස්ථාවකදි අධික රුධිර පිඩනය, හෘදය වස්තුවේ අබාධ මේ වගේ දේවල් වැඩියෙන් ඇතිවෙන්න මෙම මානසික කාරණා බලපානවා. අපේ වැඩිහිටිපරපුර රැක ගැනිම ඉතා වැදගත්. තෙල් පෝලිමකට යැවිය යුත්තේ ශක්තිය තියෙන තරුණයින්. ලෙඩ රෝග තියෙනවා නම්  ඒ සදහා අවශ්‍ය ප්‍රථිකාර ලබා ගැනිම ඉතා වැදගත්. පෝලිම්වල මේ ගත කරන පිඩනය හැමදාම නැතිවේවි. මෙම තාවකාලික ගැටළුව විසදා ගෙන රටක් වශයෙන් ඉදිරියට යා හැකි කියන සුභවාදි බලාපොරොත්තුව එක්ක තමයි අපිට ජිවත්වෙන්න තියෙන්නේ.  අසුභවාදි බලාපොරොත්තුවක් එක්ක ජිවත් වුවහොත් ඒ ඇතිවන මානසික පිඩනය නිසා ශාරිරික වගේම මානසික රෝගින් බවට පත්වෙන්න පුළුවන්. තෙල් පෝලිමක නිදි මරාගෙන එක දිගට ඉන්නවා නම් තනි පුද්ගලයෙකු පමණක් නෙවෙයි ඒ සදහා පවුලේ කිහිපදෙනෙකු සම්බන්ධ විම වැදගත්. තමන්ගේ ශරිර සෞඛ්‍ය පිළිබද සැලකිලිමත් විය යුතුයි. පෝලිමේ ඉන්න  අතරේ තමන්ගේ හිත දුෂණය කරගන්නේ නැතිව ආරවුල් සදහා පැටලෙන්නේ නැතිව සන්සුන්ව සිටිය යුතුයි.”