hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අගෝස්‍තු 08, පෙ.ව. 9:38



උතුරු පලාතට බලපා ඇති දැඩි නියං සිහිත කාලගුණය හේතුවෙන් මේ වන විට උතුරේ පවුල් 22,666 කට අයත් පුද්ගලයින් 72,357 දෙනෙකු විපතට පත්ව ඇති බවට දිස්ත්‍රීක්භාර ආපදා කලමනාකරන මධ්‍යස්ථානයන් මගින් පෙන්වා දෙනවා.

දිවයිනේ සියලු පලාත්වලින් නියගය හේතුවෙන් වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ උතුරු පලාත වන වන අතර ඉදිරියේදී වර්ෂාව නොලබෙන්නේ නම් මෙම විපතට පත් පිරිස් සීග්‍රෙයන් ඉහල යාමේ දැඩි අවධානමක් පවතින බවටද ආපදාකලමනාකරන නිලධාරීන් පවසා සිටිනවා.

මේ අනුව උතුරු පලාතේ පිහිටි දිස්ත්‍රීක් පහ වන වව්නියාව, මන්නාරම, මුලතිව්, කිලිනොච්චි හා යාපනය දිස්ත්‍රීක්කයන්ගේ වැඩිම පිරිසක් විපතට පත්ව ඇත්තේ යාපනය දිස්ත්‍රීක්කය වන අතර එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 05 ක ජීවත් වන පවුල් 21,714 කට අයත් පුද්ගලයින් 69,113 දෙනෙකු විපතට පත්ව ඇති අතර මන්නාරම් දිස්ත්‍රීක්කයේ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 952කට අයත් පුද්ගලයින් 3244 දෙනෙකු විපතට පත්ව ඇති බවට එම දිස්ත්‍රීක්කයන්හි පිහිටි ආපදාකලමනාකරන මධ්‍යස්ථානයන් විසින් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මේ අතර උතුරු පලාතට බලපා ඇති දැඩි නියං තත්වය හේතුවෙන් එහි ජනතාව වැඩි වශයෙන්ම පීඩාවට පත්ව ඇත්තේ පානීය ජල ගැටලුවකට වන අතර පානීය ජලය ලබා ගැනීම සඳහා මුලු දිනයේම වෙහෙසීමට සිදු වන බවටත් ඇතම් අවස්ථාවන්හි විශාල දුරක් ගොස් පානීය ජලය සෙවීමට සිදුව ඇතියිද එහි වැසියන් වැඩි දුරටත් කියා සිටිනවා.

පානීය ජලය අවශ්‍ය ජනතාව වෙතට ජල බවුසර මගින් ජලය ලබාදීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ආරක්ෂක අංශ විසින් පියවර ගෙන ඇත.