hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 12, පෙ.ව. 10:47



කොළඹ , නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි  කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා නොහොත් බබී නැමැති අය මෙසේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ එක් අයෙකි.

මෙසේ රැගෙන විත් ඇති අනෙක් අපරාධකරු මට්ටක්කුලිය , සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අයයි.

ඔවුන් 07/12 දින අලුයම 05.10 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන  පැමිණ තිබුණි.

මොවුන් දෙදෙනා 07/12 දින උදෑසන 08.45 ත් 09.00 ත් අතර කාළය තුළ , ඔවුන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සදහා කොළඹ රැගෙන යාමට කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඔස්සේ පිටතට ගැනීම සිදු කෙරුණි.

ඒ අනුව මෙසේ රැගෙන පැමිණි කංකානම්ලාගේ දිමුතු චතුරංග පෙරේරා නැමැති අය කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දීමට විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් දැඩි ආරක්ෂාව යටතේ රැගෙන යනු ලැබීය.

එසේම කලුදුර දිනේෂ් සාමන්ත ද සිල්වා කොළඹ , නාරාහේන්පිට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාර දීම සදහා රැගෙන යාම ද ඒ ආකාරයටම දැඩි පොලිස් ආරක්ෂාව යටතේ සිදු කෙරිණි.