hit counter

2024 ඔක්‍තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:06



ඊයේ (01) පෙරවරුවේ නව රජයේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා මාර්ගගත ක්‍රමය ඔස්සේ මාධ්‍යවේදීන් සමඟ සම්බන්ධ වී ගැටලු වලට පිළිතුරු ලබා දුන්නේ ය.

එහිදී මාධ්‍යවේදියෙක් විමසා සිටියේ පසුගියදා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් ‍මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා පාලන මිල යටතේ සහල් ලබා දෙමින් නව රජයට ශක්තියක් වන බවට ප්‍රකාශ කිරීම අවංක චේතනාවෙන් යුතුව සිදුකළ ප්‍රකාශයක්ද නැතිනම් එහි වෙනත් යටි අරමුණක් තිබේද යන්නයි.

ඊට පිළිතුරු ලබාදෙමින් විජිත හේරත් මහතා පවසා සිටියේ ඩඩ්ලි සිරිසේන මහතා එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධව තමා සතුටුවන අතර සහල් මිල පාලනය සම්බන්ධයෙන් රජය නිසි ක්‍රමවේදයක් අනුගමනය කළයුතු බවයි.

එමෙන්ම කුඩා පරිමාන වී මෝල් හිමියන් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාව තුළ පවතින සහල් ඒකාධිකාරය බිඳීමට ඉතාමත් කෙටි කාලයක් ඇතුළත රජය කටයුතු කරන බවත් ඉන් පසු නිසි ක්‍රමවේදයක් සහ පාලන මිලක් යටතේ ජනතාව වෙත සහල් ලබාදීමටත් තමා ප්‍රමුඛ නව රජය බලාපොරොත්තු වන බවයි.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: