2026 මාර්තු 06, පෙ.ව. 12:11
ඇමරිකාව ලොව පුරා සිදුකරන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා පිළිබඳ කිසිදු අවස්ථාවක විරෝධය පළ නොකළ ජනාධිපති අනුර දිසානායක ඉරානය එක්සත් අරබි ඒමිර් රාජ්‍ය යේ ඇමරිකානු ක ඳවුරු වෙත ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ බෙහෙවන් කණගාටුවට පත්ව ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව පවසයි.
සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙසේ ප්‍රකාශ කරයි.
“US තනාපති කාර්යාලයට තියෙන ගැති භාවයේ තරම
සමාජවාදි කියුබාවට ඇමරිකා එක්සත් ජනපදය සම්බාධක පැනවීම, ඡන්දයෙන් පත් වු වෙනිසියුලා ජනාධිපති පැහැරගෙන යාම, ගාසාවේ 70,000 ක් අමු අමුවේ මරා දැමීම ගැන වචනයක් කතා නොකල ආණ්ඩුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇමරිකන් කඳවුරුවලට එල්ල කල ප්‍රහාරය ගැන හිත උණුවෙලා.
ජනාධිපතිගේ ට්විටර් පණිවිඩය
“එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ මෑතකාලීන ප්‍රහාර පිළිබඳව මගේ කණගාටුව පළ කිරීම සඳහා මම එරට ජනාධිපති මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් උතුමාණන් ඇමතුවෙමි. සියලු ආකාරයේ ප්‍රචණ්ඩත්වයන් සහ ත්‍රස්තවාදය හෙළා දකින අතරම, ශ්‍රී ලංකාවේ සහයෝගීතාවය පිළිබඳව මම එතුමාට සහතික වුණෙමි. ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ ස්ථීරව සිටින අතර හැකි සෑම ආකාරයකින්ම සහය වීමට සූදානම්,” යනුවෙන් ජනාධිපතිවරයා ‘X’ (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
මේකත් උපක්‍රමයක්ද?”
2026 මාර්තු 06, පෙ.ව. 12:29
2026 මාර්තු 06, පෙ.ව. 12:23
2026 මාර්තු 06, පෙ.ව. 12:17
2026 මාර්තු 06, පෙ.ව. 12:16
2026 මාර්තු 06, පෙ.ව. 12:12
06-02-26
06-02-26
03-02-26
03-02-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
25-01-26
25-01-26
21-01-26
21-01-26
14-01-26
14-01-26
12-01-26
12-01-26
04-01-26
04-01-26
30-12-25
30-12-25
14-12-25
14-12-25
15-11-25
15-11-25