hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:30



පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පුවත්පතකට පවසා තිබෙන්නේ අප අවට වායුවේ පවතින ඉතාම කුඩා දූවිලි අංශු පෙනහලු හරහා රුධිරයට එක්ව ඇති බවයි.

මේ හේතුවෙන් ආඝාතය, අධි රුධිර පීඩනය, කිරීටක ධමනි රෝගය වැනි රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව ඒ මහතා පැවසුවා.

මෙම ගැටලුව ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයටම ප්‍රශ්නයක් වී ඇති බවත්,වායු දූෂණය හේතුවෙන් ලෝකයේ වාර්ෂිකව මිලියන 7ක් අකාලයේ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ගණන් බලා ඇති බවත් ජාසිංහ මහතා පවසනවා.

ඔක්තෝබර් – නොවැම්බර් වන විට ඉන්දියාවෙන් එන අපිරිසිදු වායුවෙන් ශ්‍රී ලංකාව ද දූෂණය වන බවත්, මෙරට වායු දූෂණයෙන් 60%ක් සිදුවන්නේ රථ වාහන මඟින් බවද ඔහු ප්‍රකාශ කරනවා.