hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2025 අප්‍රේල් 01, පෙ.ව. 11:19



තුන් ලක්ෂයක පමණ ජීවිත අහිමිවිය හැකි ප්‍රභල භූමිකම්පාවක් ජපානයට ඇතිවීමේ හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපාන රාජ්‍ය වාර්තා උපුටමින් එම පළ කර ඇති එම වාර්තා වල දැක්වෙන්නේ සිදු වෙතැයි පැවසෙන භූ කම්පනය රික්ටර් මාපාංක ඒකක අටක් නවයක් අතර ඉහළ අගයක් ගනු ඇති බවය.

මෙම කම්පනය සිදුවීමේ සම්භාවිතාව සියයට අසූවක් තරම් තරම් ඉහළ අගයක් ගෙන තිබේ.

පැසිෆික් වෙරළ තීරය ආශ්‍රිතව ඇති විය හැකි මෙම භූ කම්පනයෙන් ජපානයට සුනාමි අවධානමක් ද ඇති විය හැකි බවත් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් විනාශ විය හැකි බවත් සඳහන්ය.

දැනට පුරෝකථනය කර ඇත්තේ මෙම භූ කම්පනයක් හරහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන දෙකකට ආසන්න මුදලක් ජපානයට අහිමි වනු ඇති බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: