hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2023 මාර්තු 24, ප.ව. 4:10



ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ ග්වාලියර් ප්‍රදේශයට රිච්ටර් මාපකයේ 4.0ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පැවසුවේ භූමිකම්පාව අද (24) පෙරවරු 10.31ට පමණ සිදුව ඇති බවයි

එමෙන්ම මනිපූර්හි මොයිරාන්ග් ප්‍රදේශයට ද අද (24) පෙරවරු 08.52කට පමණ රිච්ටර් මාපකයේ 3.9 ක විශාලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව තිබුණා.

කෙසේ වෙතත් භූ කම්පන තත්ත්වයෙන් හානි සිදුව ඇත්ද යන්න සොයා බලමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.