hit counter

2026 මාර්තු මස 25 වන බදාදා

2026 මාර්තු 25, ප.ව. 4:00



පවතින වියළි කාලගුණික තත්ත්වය සමග කුකුළු ගොවිපොළවල සතුන් මියයාම ඉහළ ගොස් ඇතැයි ගොවිපොළ හිමියෝ කියා සිටිති.

කූඩුවල සිටින සතුන්ට පවතින උෂ්ණත්වය දරාගැනීමට නොහැකිව බ්‍රොයිලර් සතුන් මියයන බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය.

එමෙන්ම, මේ වනවිට බිත්තර දමන ප්‍රමාණයද අඩුවී ඇත.

උෂ්ණත්වය දරාගැනීමට නොහැකිවීම නිසා බිත්තර දමන ප්‍රතිශතය සියයට 20කින් පමණ අඩුවී ඇති බවද සභාපතිවරයා කියා සිටියේය.

සතුන් 25,000 ත් 30,000 ත් අතර ප්‍රමාණයක් සිටින කූඩු නියමිත උෂ්ණත්වයක පවත්වාගෙන යන බවත්, පැයක විදුලිය විසන්ධි වුවහොත් ඉක්මනින් විදුලි ජනන යන්ත්‍ර ක්‍රියාත්මක කළයුතු බවත් ඔහු කීවේය.

විදුලි ජනන යන්ත්‍රවලට අවශ්‍ය ඩීසල් ඉන්ධන ප්‍රමාණය සපයන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කළ බවද ඔහු පැවසීය





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: