hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 ජූලි 03, පෙ.ව. 3:01



අඩුකළ විදුලි ගාස්තුව ප්‍රමාණවත් නොවන බව විදුලි සංගම් චෝදනා කරනවා.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසන්නේ විදුලි ගාස්තුව සියයට 25කින් පමණ අඩුකළ යුතු බවයි.

පෙරේදා (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි 14.2%කින් විදුලි ගාස්තු අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර දුන්නා.

නව විදුලි ගාස්තු සංශෝදනයට අනුව ඒකක 0 ත් 30ත් අතර මාසික පරිභෝජනයක් ඇති ගෘහස්ත කාන්ඩයට 65%කින් ගාස්තු අඩු වූ අතර ඒකකයක ගාස්තුවද රුපියල් 30 සිට රැපියල් 10 දක්වා අඩු කර තිබෙනවා.

ගෘහස්ත ඒකක 31 සිට 60 දක්වා විදුලි පරිභෝජනය කරන්නන්ට රුපියල් 42ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 32 දක්වා රුපියල් 10කින් අඩු කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

ගෘහස්ත ඒකක 61 සිට 120 දක්වා විදුලිව පරිභෝජනය කරන්නන්ට රුපියල් 42ක්ව පැවති ඒකකයක ගාස්තුව රුපියල් 35 දක්වා රැපියල් 7කින් අඩු කරනු ලැබුවා.‍

මේ අතර, කර්මාන්ත අංශය සදහා 9%ක විදුලි ගාස්තු අඩුකිරිමක් සිදුකර ඇති අතර, එයද ප්‍රමාණවත් නොවනබවයි සමස්ත ලංකා කුඩාකර්මාන්ත කරුවන්ගේ සංගමය පවසන්නේ.