hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 2:16



රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමට කෙරෙහි අවධානය යොමු කිරීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමට සැලසුම් සකස් කරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවා.

2019 වසරේදී ඉලක්ක කළ 70% ක පුනර්ජනනීය බලශක්ති නිපදවීමේ වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කර, එම අරමුණ සපුරා ගැනීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (20) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉන්දික අනුරුද්ධ මහතා මෙසේද පැවසුවා.

“පුනර්ජනනීය බලශක්තිය මෙරට විශාලතම බලශක්ති ප්‍රභවයයි. එය දියුණු කිරීමෙන් ඉන්ධන සඳහා වැය වන මුදල රට තුළ රඳවා තබා ගැනීමට හැකියාව තිබෙනවා. ඉන්ධන සඳහා වැය වන මුදල අඩු වීම තුළින් විදුලි බිල අවම මට්ටමකට ගෙන ඒමටද හැකියාව තිබෙනවා. ඒ වගේම එම මුදල් වෙනත් සංවර්ධන කටයුතු වෙනුවෙන් යොදා ගැනීමට ද පුළුවන්කම ලැබෙනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: