hit counter

2024 ජූලි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 02, පෙ.ව. 10:39



විදුලි බිල අඩුවීම එළැඹෙන 16 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා පවසනවා.

විදුලි ගාස්තු අඩු කිරීම පිළිබඳ අවසන් තීරණය 15 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ඔහු පැවසුවා.

මේ සම්බන්ධයෙන් ලිඛිත මහජන අදහස් විමිසිම ලබන 08 වැනිදා දක්වා සිදු කරනු ඇති අතර පසුදින (09) වාචික අදහස් විමසීම සිදු කරයි.

එය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිදු කරනු ලබයි. වාචික අදහස් විමසීමට කලින් ලියාපදිංචි වියයුතු අතර 0770126246 දුරකථන අංකයට කතා කර ලියාපදිංචි විය හැකි බව කොමිසම සඳහන් කරයි.

විදුලි බිල අඩු කිරීම පිළිබඳව විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යොමු කෙරුණු යෝජනා

0-30 අතර ඒකකයක් රුපියල් 2කින්,

30-60අතර ඒකකයක් රුපියල් 11කින්,

60-90 අතර ඒකකයක් රුපියල් 12කින්,

90-120 අතර ඒකකයක් රුපියල් 20කින් අඩු කිරීමට.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: