hit counter

2025 ජූනි මස 12 වන බ්‍රහස්පතින්දා

2025 ජූනි 11, ප.ව. 1:17



2025 වසරේ විදුලි ගාස්තු සංශෝධනය වන ආකාරය අද (11) දින පස්වරු 1.00 ට නිවේදනය කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

මහජන අදහස් ලබාගැනීමේ ක්‍රියාවලියෙන් පසුව, ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අදාළ සමාලෝචන ක්‍රියාවලිය අවසන් කිරීමෙන් අනතුරුව 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තු සංශෝධනය අද මෙලෙස ප්‍රකාශයට පත් කරයි.