hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 මැයි 29, පෙ.ව. 4:18



අඩු ආදායම් ලාභීන්, අඩුවෙන් විදුලිය භාවිත කරන්නන් හා රජයේ රෝහල් වැනි ස්ථාන ඇතුළත් නොවන පරිදි විදුලි බල ගාස්තු සංශෝධනයක් සිදුකිරිමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර තිබෙනවා.

මේ අනුව ඇතැම් විට කර්මාන්තශාලාවල විදුලි බිල තුන් හතර ගුණයකින් ඉහළ යෑමට ඉඩ ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

මේ රටේ අවුරුදු 9ක් පුරා පැවති මිල ගණන් යම් සංශෝධනයක් විය යුතු බවට විදුලි බල මණ්ඩලය ඉල්ලීමක් කර ඇති බවද ඒ මහතා සඳහන් කළා.

බලශක්ති අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ විදුලිය ඒකකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් රුපියල් 47.18ක මුදලක් වැය වුවත් සෑම ආකාරයකම ක්ෂේත්‍රයන්ගෙන් අය කරන්නේ ඊට වඩා අඩු මිලක් බවත් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් මසකට රුපියල් බිලියන 750ක් වැය වුවත් වසරකදී විදුලි බිල් වශයෙන් ලැබෙන මුදල රුපියල් බිලියන 250ක් ක් බවයි.

විදුලි බිල වැඩිවන කර්මාන්ත වෙනුවෙන් සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීම දිරිමත් කරමින් ඒ සඳහා ගෙවීම් මාසික ක්‍රමයට ලබාදීම වෙනුවෙන් වැඩසටහනක් නිර්මාණය කිරීමට නියමිතයි.

එසේම ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ ඉන්දීය ණය ක්‍රමය හා චීන ණය ක්‍රමය හරහා සුර්ය පැනල ලබා ගැනීම වෙනුවෙන් මේ වන විට සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

ඒ අනුව එක් එක් ක්ෂේත්‍ර අනුව විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වැය වන මුදල පහත පරිදියි,

ජල විදුලිය – රුපියල් 4.17

ඉන්ධන – රුපියල් 59.65

ගල් අඟුරු – රුපියල් 31.90

පෞද්ගලික බලාගාරවලින් – රුපියල් 67.15

සූර්ය හා සුළං වැනි පුනර්ජනනීය බලශක්තිය – රුපියල් 16.69

එක් එක් ක්ෂේත්‍රවලින් ඒකකයක් වෙනුවෙන් විදුලි බිල අයකරන ආකාරය පහත පරිදියි,

ඒකක 30ට අඩු භාවිතයක් සහිත – ඒකකයකට රුපියල් 2.50

ඒකක 180ට වැඩියෙන් භාවිත කරන – ඒකකයකට රුපියල් 45

ආගමික ස්ථාන වෙනුවෙන් – ඒකකයකට රුපියල් 1.90, ඒකක 180ට වැඩි රුපියල් 9.40

කර්මාන්ත සඳහා – ඒකක 300ක් දක්වා රුපියල් 10.80යි, එකක 300ට

එමෙන්ම මේ මොහොතේ මාසික විදුලි ගාස්තුවද වැඩි කිරීමේ අවශ්‍යතාවක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා පවසයි.

එසේ ගාස්තු වැඩි කිරීමකින් තොරව මෙම සේවාව පවත්වාගෙන යා නොහැකි බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

”විදුලි බිල කියන එක මේ මොහොතේ ඇත්තටම වැඩිකරන්න ඕනේ. මොකද දැන් කවුරු හරි තේ කඩයක් ගෙන ඉන්නවා නම් එයා රු.30කට නිෂ්පාදනය කරලා 20කට ඒක විකුණනවා නම් ඒ තේ කඩේ පැවැත්මක් වෙන්නේ නැහැ. අපෙත් වෙලා තියෙන්නේ ඒක තමයි. මේ දවස්වල අපි තෙල් වලින් නිෂ්පාදනය කරනවා නම් ඒකකයක් සාමාන්‍යයෙන් රු.80ක් සමහර ඒවා 100ක් 120ක් වෙන ඒවත් තියෙනවා. කෝල්වලින් නිෂ්පාදනය කරනවා නම් මේ දවස්වල කෝල් ප්‍රයිස් එකත් එක්ක ගත්තම රු.40ක් 45ක් විතර වෙනවා. හැබැයි අපි මේ යුනිට් එකක් විකුණන්නේ රු.16ක් 17 වගේ. එතකොට අපිට කවදාවත් මේ බිස්නස් එක කරගෙන යන්න බැහැ. ඒක නිසා පාඩුව අවසානයේ දරන්න වෙන්නේ ජනතාවටම තමයි. කවුරුහරි විදුලිය වැඩිපුර පාවිච්චි කරනවා නම් එයාගෙන් වැඩිපුර අයකරන්නම ඕනේ. ඒ සඳහා මේ විදුලි බිල කියන එක වැඩි කරන්න මේ මොහොතේ අවශ්‍යතාවක් තිබෙනවා.”