hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 මැයි 23, ප.ව. 5:42



මේ වන විට නිෂ්පාදන හා ධීවර අංශයන්ට අදාළව පැවැති කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා.

මෙම විභාගය සඳහා අයදුම්කරුවන් 3,580ක පිරිසක් ඉදිරිපත් වී තිබුණු අතර ඉන් සමත් සංඛ්‍යාව මුළු පිරිසෙන් සියයට 95.6 ක් වන අතර ඒ, අනුව ඉන් අයදුම්කරුවන් 3,422ක් සමත් වී ඇති බවයි  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

අදාල විභාගයේ ප්‍රතිඵල මැයි මස 27 වන දින www.slbfe.lk වෙබ් අඩවියේ පළ කරනු ලබන අතර විභාගය සමත් වූ අයදුම්කරුවන් සඳහා වෛද්‍ය පරීක්ෂණ මැයි මස 28 වන දින ආරම්භ කෙරේ.

එමෙන්ම විභාගය සමත් අයදුම්කරුවන් සඳහා අදාළ සම්මුඛ පරීක්ෂණ ජුනි මස 06, 07 හා 10 යන දිනයන්හි කාර්යාංශයේ පළාත් කාර්යාල, විගමනික සම්පත් මධ්‍යස්ථාන හා පුහුණු මධ්‍යස්ථානයන් හිදී සිදු කිරීමට නියමිතයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: