hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 13, ප.ව. 2:28



සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල ඊයේ (12) නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන  https://www.doenets.lk/ පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියි.

මේ අතර, දහම් පාසල් ගුරු සහතිකපත් විභාගය ලබන 16 වැනිදා දිවයින පුරා මධ්‍යස්ථාන 22 කදී පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටිනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙය පැවැත්වෙන බවයි, නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ.

අදාළ විභාගයට අයදුම්පත් ඔන්ලයින් ක්‍රමවේදය හරහා මේ දිනවල සිදුවන බවත්, අයදුම් භාරගැනීම හෙටින් (14) අවසන් වන බවත්, එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

දිවයින පුරා පිහිටි දහම් පාසල් 10,300ක ගුරුවරු එක්ලක්ෂ විසි හයදහසක් පමණ සිටින බවයි පැවසෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: