hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 18, පෙ.ව. 11:46



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පාසල් අයැදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශ පත්‍ර හා කාල සටහන් විදුහල්පතිවරු වෙත යොමු කොට ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා.

පෞද්ගලික විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන් තම අයැදුම්පත්වල සඳහන් කර ඇති ලිපිනවලට තැපැල් මඟින් යොමුකළ බවද ඔහු සඳහන් කළා.

විභාග ප්‍රවේශ පත්‍ර නොලැබුණු පාසල් අපේක්ෂකයන්ගේ ප්‍රිවේශ පත්‍ර පාසල් පිධානීන්ට සහ පෞද්ගලික විභාග අපේක්ෂකයන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ අයැදුම්කරුවන්ටද විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙතින් අද (18) දිනයේ සිට බාගත කිරීමේ අවස්ථාව සලසා ඇතැයිද හෙතෙම පැවැසුවා.

යම් හෙයකින් ලැබුණු ප්‍රවේශ පත්‍රයේ ඉල්ලුම් කර ඇති විෂය, මාධ්‍ය, ජාතික හැ¾දුනුම්පත් අංකය, උපන්දිනය හෝ නමෙහි වෙනසක් ඇත්නම් හෝ අලුතින් විෂයක් ඇතුළත් කළ යුතු නම් එම සංශෝධන https://onlineexams.gov.lk/eic යන වෙබ් අඩවිය වෙත පිවිස මාර්ගගතව සිදු කළ හැකි බවද විභාග කොමසාරිස්වරයා සඳහන් කළා.

පාසල් අයැදුම්කරුවන් තම පාසලේ විදුහල්පති මඟින්ද පෞද්ගලික අයැදුම්කරුවන් ඔවුන් විසින්ම අදාළ සංශෝධන සිදුකළ යුතු බවද ඔහු අවධාරණය කර සිටියා.

මේ සඳහා මැයි 24 වැනිදා දක්වා අවස්ථාව සලසා ඇතැයිද හෙතෙම සඳහන් කළා.

මැයි මස 29 වැනිදා සිට ජුනි මස 08 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 3568කදී මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට සැලසුම් කොට ඇත. විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ පළකර තිබෙනවා.