hit counter

2025 මැයි මස 22 වන බ්‍රහස්පතින්දා

2024 නොවැම්‍බර් 04, පෙ.ව. 8:56



දකුණු කොරියාවේ පැවති ආසියානු නිරූපන ශිල්පි තරගාවලියේ දී (Asian Model Festival) ආසියාවේ හොදම නිරූපන ශිල්පිනියට හිමි ෆේස් ඔෆ් ඒෂියා ( Face of Asia ) සම්මානය දිනා ගත්  ශ්‍රී ලාංකික නිරූපන ශිල්පිනී ජුලියා සොනාලි කලුආරච්චි කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

ආසියානු නිරූපන ශිල්පි තරගාවලිය ඉකුත් 10/15 දින සිට 11/02 දින දක්වා දකුණු කොරියාවේ ගෑන්ග් වොන්ග් නුවර , ආසියාවේ රටවල් 27 ක නිරූපන ශිල්පීන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් , එරට සංස්කෘතික , ක්‍රීඩා සහ සංචාරක අමාත්‍යාංශයේ අනුග්‍රහයෙන් පවත්වා තිබුණි.

ජුලියා සොනාලි කලුආරච්චි ඊයේ (03) රාත්‍රී  11.34 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය පිළිගැනීම සදහා ඇයගේ පුහුණුකරුවන් , උපදේශකවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.