2023 මැයි 16, ප.ව. 12:30
මහවැලි සී කලාපයේ දිඹුලාගල, මනම්පිටිය ආදී ප්‍රදේශවල ගොවීන්ට සිය වගා කටයුතු කරගෙන යාමේදී, කෘෂි කාර්මික උපකරණ ප්‍රමාණවත් පරිදි සපයා ගැනීමට අත්‍යවශ්‍ය වුවද ඒ සඳහා අධික පිරිවැයක් දැරීමට සිදුවනවා.
ඒ හේතුවෙන් මහවැලි සී කලාපය මෙන්ම දිවයිනේ සෙසු සියලුම ප්‍රදේශවල ගොවීන් පත්ව ඇත්තේ දැඩි අසීරුතාවකටයි.
වර්තමානයේදී සී සෑම සඳහා යොදා ගන්නා ට්‍රැක්ටරයක් අලුතින් මිලදී ගැනීමට අවම වශයෙන් රුපියල් ලක්ෂ හැටක්වත් තිබිය යුතු වනවා.
පාවිච්චි කරන ලද ට්‍රැක්ටරයක් රුපියල් ලක්ෂ හතළිහකට පමණ මිලදී ගත හැකි බව පවසන බොහෝ ගොවීන් පෙන්වා දෙන්නේ මෙවැනි ආර්ථික අපහසුතා පවතින කාලයක එය හීනයක් බවට පත්ව ඇති බවයි.
නමුත් ඊට පිළියමක් ලෙස කුඹුරු සීසෑම සඳහා නව ට්‍රැක්ටරයක් නිෂ්පාදනය කිරීමට මනම්පිටිය ප්‍රදේශයේ තරුණ නිර්මාණකරුවෙකුට හැකි වී තිබෙනවා.
ඒ තවත් මිතුරන් කිහිපදෙනෙකුගේ දායකත්වය ද සමගින්.
රුවන් සම්පත් සෙනවිරත්න නම් මෙම තරුණයා ඉවත දමන යකඩ කැබලි හා ට්‍රැක්ටර් වලින් ඉවත් කරන ලද කොටස් වලින් නිර්මාණය කර ඇති මෙම ට්‍රැක්ටරයෙන් ඉතා අඩු වියදමින් සහ අඩු කාලයකින් කුඹුරු විශාල ප්‍රමාණයක් සීසෑමට හැකියාව පවතිනවා.
වෙනත් සාමාන්‍ය ට්‍රැක්ටර් වලින් සියසෑමට නොහැකි ගැඹුරු කුඹුරු පවා සීසෑමේ හැකියාව මෙම නව ට්‍රැක්ටරය සතුයි.
නව ට්‍රැක්ටරයේ නිර්මාණකරු එස්.ඒ.රුවන් සම්පත් මහතා මෙසේ සඳහන් කළා,
“ට්‍රැක්ටර් වලින් හා ගන්න බැරි තැන් තියෙනවනේ. ඒ තැන් හාන්න ගියපුවහම මිනිස්සු කොටන්න ඕනේ, වපුරගන්න විදිහක් නැහැ, හාන්න ට්‍රැක්ටර් නැහැ. අරහේ මෙහේ හින්දා අපි හිතුවා මේ හදන්න ඕනේ. ඒවාම හාන්න එකක් කියලා. එහෙම හිතලා ඉවරවෙලා අපි ගත්තා එකක, අමුද්‍රව්‍ය අරවා මේවා. එකලස් කරපු වාහන වල කොටස් කෑලි අරවා මේවා එකතු කරලා ඉවරවෙලා, ලක්ෂ හතරහමාරක් විතර වගේ වැවෙන විදියට අපි හැදුවා ට්‍රැක්ටර් එකක්. දැන් ඩීසල් ලීටර් විස්සක් විතර ගහලා, අක්කර දෙකහමාරක් විතර හාගන්න පුළුවන් දැන් ඒ අපිට. වාහනවලින් ඉවත් කරන ඔයිල් තියෙනවා. අපි ඒවා තමයි මේකට පාවිච්චි කරන්නේ. කිසිම අවුලක් නැතුව පාවිච්චි කරන්නත් පුළුවන්. මේකට අපි කියන්නේ ගොයියා ගොඩ කියලා. මේක අපි ගොයියා ගොඩදාන්න හදපු වාහනයක් හින්දා.”
තම නිර්මාණයට ඉදිරියේදී තවත් වටිනාකම් රැසක් එක් කිරීම සම්පත්ගේ අරමුණ වී තිබෙනවා.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:02
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:00