2023 මැයි 15, පෙ.ව. 9:35
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින මෝඛා චන්ඩ සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් දකුණු පළාතට සහ රත්නපුර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර, පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ නිල්වලා ගඟ සහ ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් පහත්බිම් ජලයෙන් යටවී තිබෙනවා.
තවලම, නෙලුව, මොරවක, අකුරැස්ස, අතුරලිය, පිටබැද්දර සහ කොටපොල යන ප්‍රදේශවල පහත්බිම් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නෙළුව, හප්පිටිය ප්‍රදේශයේ පහත් බිම්ද ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
දෙණියාය – අකුරැස්ස මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇත්තේ මාර්ගයට පස්කදු කිහිපයක් කඩා වැටීම හේතුවෙන්.
මේ හේතුවෙන් එම මාර්ගයේ බස් රථ ගමනාගමනයද තාවකාලිකව නතරකර තිබෙනවා.
නෙලුව, මොරවක ප්‍රධාන මාර්ගයට අලපලාදෙණිය ප්‍රදේශයෙන් පස් කන්දක් කඩා වැටීම නිසා, මාර්ගයේ ගමනාගමනය ද ඇණහිට ඇති බව සඳහන්.
මීට අමතරව, අකුරැස්ස – තවලම ප්‍රධාන මාර්ගය තලංගල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙනවා.
මේ අතර, දකුණු පළාතට ඇඳහැලෙන අධික වර්ෂාපතයනත් කිරමආර ජලාශයද මේ වන විට පිටාර මට්ටමට පැමිණ තිබෙනවා.
මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම් දෙන්නේ දෙයියන්දර, සීනිපැල්ල, මාකදුර සහ ආඳපාන යන ප්‍රදේශවල කිරමආර ජලාශය දෙපස ජනතාවට අවධානයෙන් සිටින ලෙසටයි.
එමෙන්ම, මාතර දිස්ත්‍රික්කයට ඇඳහැලෙන අධික වැසිත් සමඟ මුලටියන, කොස්ගහදොළ ඇල්ල පිටාර ගැලීමෙන් මුලටියන දෙයියන්දර මාර්ගයද ජලයෙන් යටවී තිබෙනවා.
ගිංගඟ පිටාර ගැලීමෙන් මාපලගම – මාලමුර මාර්ගයේ ද ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.
පවතින වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක 5 කට නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට මෙලෙස නායයාමේ අවදානම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.
2025 ජනවාරි 08, පෙ.ව. 12:11
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:08
2025 ජනවාරි 08, පෙ.ව. 12:05
2025 ජනවාරි 08, පෙ.ව. 12:05