hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2024 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:02



භාවිතයට නුසුදුසු ප්ලාස්ටික සහ පොලිතින් අලෙවිය සම්බන්ධයෙන් මේ දිනවල සොයා බැලීම් සිදුකරන බව 
 ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ඒ අනුව මේ වන විට දිවයිනේ ප්‍රධාර නගර ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ප්ලාස්ටික භාණ්ඩ අලෙවි සැල් පරීක්ෂා කිරීම් කරන බවය.

එහිදි භාවිතයට නුසුදුසු භාණ්ඩ අලෙවිකරන්නන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවත් ඔහු පැවසීය. එමෙන්ම එළැඹෙන වසරේ සිට දරුවන්ට අවශ්‍ය කෑම පෙට්ටි සහ ජලය පුරවන බෝතල් මිලදී ගැනීමේදි දෙමව්පියන් මේ සම්බන්ධව දැඩි අවධානයක් යොමු කළ යුතු බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: