hit counter

2026 මාර්තු මස 22 වන ඉරිදා

2024 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:05



මෙරට ඉන්ධන මිල සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව පොදුජන ප්‍රගතිශීලි  සංගමය ලේකම් බන්දුල සමන් කුමාර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, නෙළුම් මාවතේ පිහිටා ඇති පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මාසිකව ඉන්ධන මිල රුපියල් දෙකක් අඩු හෝ වැඩි වනවා.

ඉන් ජනතාවට කිසිදු වාසියක් හිමි නොවන බවයි, බන්දුල සමන් කුමාර මහතා පෙන්වා දෙන්නේ.

මෙරට ඉන්ධන ක්ෂේත්‍රයේ පවතින ප්‍රධාන සාධක වෙනස් නොකර මිල අඩු කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළා.

විදේශීය සමාගම් ඉන්ධන වෙළඳපොළට පැමිණීමෙන් පමණක් මිල අඩු නොවන බවයි, බන්දුල සමන් කුමාර වැඩිදුරටත් කියාසිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: