hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2022 ජූනි 26, ප.ව. 3:35



අසනීප තත්වයක් හේතුවෙන් මාතර මහ රෝහල වෙත ඇතුලත් වු මාතර ප්‍රාදේශීය මහ ලේකම් කෞෂල්‍යා කුමාරි මහත්මිය එම රෝහලේ සේවක සේවිකාවන් තමන්ට ඊයේ දින ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබා නොදුන්නැයි කියමින් ශල්‍යාගාරය තුළ සිර කර තබා ගෙන සිටි පුවතක් වාර්තා වෙනවා.

පසුව පොලිසිය මැදිහත්ව ඇය ප්‍රතිකාර සඳහා මාතර සමූපාකාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පැයක පමණ කාලයක් රෝහලේ ශල්‍යාගාරයක් තුල සිර වී සිටි ප්‍රාදේශීය මහ ලේකම්වරිය එසේ සිර කර ගෙන තිබෙනවා.

මාතර සහකාර පොලිස් අධිකාරී අයි.ජී.චන්ද්‍රසේන හා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොෂාන් හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් මුදා ගෙන රෝහලෙන් පිටතට කැදවා ගෙන ගොස් ඇති බව වාර්තා වෙනවා.