2025 පෙබරවාරි 22, පෙ.ව. 12:07
2024 වසරේ ජනවාරි 01 වනදා සිට දෙසැම්බර් 31 දක්වා වාර්තා වී ඇති සුනඛ සපාකෑම් සංඛ්‍යාව 184,926ක් බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා..
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
මේ අනුව වැඩිම සපා කෑම් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි අමාත්‍යවරයා පැවසුවේ.
ඒ අනුව, රජය වසරකට ප්‍රථිකාර වෙනුවෙන් එන්නත් සඳහා රුපියල් මිලියන 950ක් 1,000ත් අතර මුදලක් වියදම් කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.
මේ අතර, අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, ගැහැණු සතුන් 30,881 වන්ද්‍යකරණයට ලක් කර ඇති අතර, සුනකයින් 1,151,350ක් එන්නත් කර ඇති බවයි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට මෙන්ම ඒ හා අදාළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පිළිතුරු දෙමින් පැවසීය.
2025 පෙබරවාරි 22, ප.ව. 12:43
2025 පෙබරවාරි 22, ප.ව. 12:08
2025 පෙබරවාරි 22, පෙ.ව. 11:23
2025 පෙබරවාරි 22, පෙ.ව. 12:30
2025 පෙබරවාරි 22, පෙ.ව. 12:27
31-01-25
31-01-25
03-01-25
03-01-25
21-10-24
21-10-24
21-10-24
21-10-24
22-08-24
22-08-24
20-06-24
20-06-24
20-06-24
20-06-24
05-05-24
05-05-24
20-03-24
20-03-24
18-03-24
18-03-24
20-02-24
20-02-24
19-02-24
19-02-24