2024 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:04
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නමින් සැකසූ නිල නොවන ෆේස්බුක් පිටුවක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා.
එම සමාගම නිවේදනය කළේ, ඒ හරහා හිමිකරුවන් නොමැති ගමන්මලු විකිණීමට ඇතැයි පවසමින් අසත්‍ය තොරතුරු පළ කර ඇති බවයි.
විවිධ භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ සහිත එම ගමන් මල්ලක මිල, රුපියල් 639 ක් ලෙස සටහන් කර තිබෙනවා.
එලෙස කිසිඳු ආකාරයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල මගින් ගමන් මලු අලෙවි නොකරන බව, ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම අවධාරණය කරනවා.
එම සමාගම ජනතාවට දැනුම් දෙන්නේ, එවැනි වංචනික ක්‍රියාවලට හසු නොවන ලෙසයි.
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:27
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 10:01
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:02
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 9:00
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:19
08-09-26
08-09-26
03-09-26
03-09-26
31-08-26
31-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26