hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14



ඕනෑම ආණ්ඩුවකට රැල්ලට අසීමිත බලතල ලබා දීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත්, මින් ඉදිරියට ඕනෑම රජයකට බලය ලබා දීමේදී සර්ව සාධාරණ බහුතරයක් පමණක් ලබා දී රට තුළ යුක්තිය, සාධාරණත්වය සහ සෞභාග්‍යය නිර්මාණය කිරීමට ඉඩ සැලසිය යුතු බවත් විපඛ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් අඩුපාඩු පැවතියද, එදා රටේ පැවැති ත්‍රස්තවාදී අර්බුදය විසඳා ගැනීමට එහි බලතල බෙහෙවින් ඉවහල් වූ බව ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත්, ත්‍රස්තවාදය පරාජය කළ පශ්චාත් යුගයේ වත්මන් ප්‍රමුඛතාව විය යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස සහ අධිකරණයේ ස්වාධීනත්වය සුරක්ෂිත කිරීම බව ඔහු පෙන්වා දෙනවා.

එසේම, තේරීම් කාරක සභා වැනි විවිධ හේතු ඉදිරිපත් කරමින් පළාත් සභා මැතිවරණය කල් දැමීම වහා නතර කළ යුතු බවත්, හිස් වචනවලට සීමා නොවී වහාම එම මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙසත් ඔහු ආණ්ඩුවට අභියෝග කළා.

රටේ පවතින ආපදා සහ කාලගුණික තත්ත්වයන් කෙරෙහිද ආණ්ඩුව උදාසීන පිළිවෙතක් දක්වන බවද ඔහු කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: