hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2022 ඔක්‍තෝබර් 27, පෙ.ව. 9:48



දුමක් ලෙසින් කංසා භාවිත කිරීමට ආයුර්වේදයේ කිසිදු අවසරයක් නොමැති බවත්, මේ සම්බන්ධව මැති ඇමැතිවරුන්ට පවා පරස්පර අදහස් තිබෙන බවත් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පැවැසුවා.

ඖෂධීය කංසා පමණක් වගාකිරීම නීත්‍යනුකූල කිරීමට තීරණය කර තිබෙන බව කී රාජ්‍ය ඇමැතිවරයා විනෝදාස්වාදය සඳහා හෝ වෙනත් නිෂ්පාදන සඳහා කංසා යොදා ගැනීමට අවසර නොමැති බව සඳහන් කළා.

ඖෂධීය කංසා වගාකිරීමට නීතිමය අවසරය ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවකට ඉදිරි සති දෙක ඇතුළත අනුමැතිය ලැබෙනු ඇති බවද ජයකොඩි මහතා සඳහන් කළා.

කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව ඖෂධීය කංසා සඳහා පාර්ලිමේන්තුව තුළ නෛතික රාමුව සකස් කරන බවද හෙතෙම පැවැසුවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ ශ්‍රී  ලංකාව අස්සන් කර තිබෙන එකඟතාවන් අනුව ඖෂධීය හා විද්‍යාත්මක  කාර්යයන් සඳහා ඖෂධීය කංසා උපයෝගි කරගැනීමට හැකියාව තිබෙන බවද සිසිර ජයකොඩි සඳහන් කළා.

කංසා සම්බන්ධව පාර්ලිමේන්තුවේ විපක්ෂය කමිටුවක් පත්කළ බවත්, ඖෂධීය කංසා  නීතිගත කිරීමට එම කමිටු වාර්තාව එකඟතාව ලබාදී තිබෙන බවත් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.