2024 ඔක්තෝබර් 31, පෙ.ව. 10:51
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරිය ඌරන් ප්‍රජනනයට සීමා පනවමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයෙන් සූකර කර්මාන්තය රටෙන් සම්පූර්ණයෙන් ම තුරන් වී යනු ඇතැයි, ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය චෝදනා කරයි.
මෙම ගැසට් නිවේදනය අතාර්කික වෙනත් රටකින් කොපිකර ගත් එකක් යැයි පැවැසූ එම සංගමයේ සභාපති කුලරාජා පෙරේරා මහතා මෙරටට පැමිණෙන සංචාරකයන්ට මාස තුනක් පුරාවට සූකර මාංස සැපයීම නතරවීමෙන් ආර්ථිකයට අහිතකර අයුරින් බලපානු ඇතැයි සඳහන් කළේ ය.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂවරියට සූකර උණ රෝගය සම්බන්ධයෙන් කිසිදු අවබෝධයක් නැතැයි කී හෙතෙම ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙර ඇය සූකර කර්මාන්තයේ යෙදී සිටින පිරිස් සමග සාකච්ඡා නොකළ බව ද කීය.
ජා-ඇළ දෙහියාගාත පිහිටි ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී කුලරාජා පෙරේරා මහතා මේ බව පැවසීය.
අප්‍රිකානු සූකර උණ රෝග හා අභිජනන හා ශ්වසන සහලක්ෂණ රෝගය මීට මාස පහකට පමණ ඉහතදී ගොවිපළවල පැතිරීම ආරම්භ වන විට ශ්‍රී ලංකා සත්ත්ව ප්‍රවාහන හා සත්ත්ව නිෂ්පාදන ගොවි සංගමය බලධාරීන් දැනුවත් කළ ද ඊට විසඳුමක් ලබා නොදුන් නිලධාරීන් මීට සතියකට පෙර ගොවිපළවලට පැමිණ අසාර්ථක ක්‍රියාමාර්ග ගැන උපදෙස් දුන් බව ද සභාපතිවරයා කීය.
ගැසට්ටුව මගින් සජීවී සූකර සත්ත්ව වෙළෙඳපොළවල් පැවැත්වීම, ප්‍රදර්ශන හා තරග පැවැත්වීම තහනම් කර ඇතැයි කී හෙතෙම මිය යන ඌරන් හා රෝගය වැලඳෙන ඌරන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය ගැසට්ටුවට ඇතුළත් කර නොමැති බව ත් මෙම කර්මාන්තය සම්බන්ධයෙන් නිලධාරීන්ගේ දැනුම එමගින් පැහැදිලි වන බව ත් පැවසීය.
1992 අංක 59 සත්ත්ව රෝග නිවාරණ පනතට අනුව පශු සම්පත් සම්බන්ධයෙන් රෝගයක් වාර්තා වූ අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය දක්වා ඇතත්, මෙවර සූකර රෝගය සම්බන්ධයෙන් එම නිලධාරීන් කිසිවක් සිදුකර නොමැති බැවින් ගැටලුව සංකීර්ණ වී ඇතැයි මෙහිදී අදහස් දැක්වූ එම සංගමයේ සංවර්ධන හා පුහුණු උපදේශක ජයලත් බාලසූරිය මහතා කීවේය.
ශීතාගාරවල තිබෙන මස්වල තත්ත්වය සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නිලධාරීන් සතුව නොමැති බව කී බාලසූරිය මහතා නිලධාරීන්ගේ අලස ක්‍රියාකාරිත්වය හේතුවෙන් මෙම රෝගය වන සතුන් කරා ව්‍යාප්ත වී ඇතැයි සැකකරන බව ද සඳහන් කළේ ය.
මේ පිළිබඳව විමසීමට අප සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආචාර්ය හේමාලි කොතලාවල සම්බන්ධ කර ගැනීමට කිහිප වරක් උත්සාහ කළ බව ද ඇය දුරකතන ඇමතුමට ප්‍රතිචාර දැක්වූයේ නැත.
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:10
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:06
2024 දෙසැම්බර් 24, පෙ.ව. 12:06
21-12-24
21-12-24
21-12-24
21-12-24
20-12-24
20-12-24
20-12-24
20-12-24
17-12-24
17-12-24
16-12-24
16-12-24
16-12-24
16-12-24
15-12-24
15-12-24
15-12-24
15-12-24
15-12-24
15-12-24
15-12-24
15-12-24
14-12-24
14-12-24