hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 11, පෙ.ව. 12:14



ඔක්තෝබර් මාසය තුළ පමණක් අවුරුදු 16ට අඩු ගැහැනු දරුවන් 131 දෙනෙක් දුෂණයට ලක්ව ඇතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය පවසනවා.

ඊයේ (10) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය මේ බව ප්‍රකාශ කළා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ  ඒ අතුරින් දරුවන් 10 දෙනෙක් මේ වනවිට ගර්භණීභාවයට පත්ව ඇති ඇති බවයි.

මේ අතර, සැප්තැම්බර් මාසයේදීද  අවුරුදු 16 ට අඩු ගැහැනු දරුවන් 168 දෙනෙක් දුෂණයට ලක්ව ඇති බවත් ඒ අතුරින් 22ක් ගැබ් ගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය ප්‍රකාශ කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: