hit counter

2025 ජූනි මස 13 වන සිකුරාදා

2023 ජූලි 25, ප.ව. 12:02



මීගමුව පොලිස් වසමේ ලියනගේමුල්ල, සීදුව ප්‍රදේශයේ වයස අවුරුදු 17ක ගැහැණු දරුවෙක් අතුරුදන්ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය එම දැරියගේ ඡායාරූපයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

අතුරුදන්ව ඇති දැරියගේ පියා විසින් මීගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

එලෙස අතුරුදන්ව ඇත්තේ ගයාත්‍රි දෙව්ශානි සූරියසිංහ නමැති පාසල් සිසුවියක්.

දැරිය පිළිබඳ තොරතුරක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඇය සොයාගැනීමට පොලීසිය මහජන සහාය පතයි.

අතුරුදන් දැරියගේ ඡායාරූපය ඉහතින් දක්වා ඇති අතර, ඇය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස පොලීසිය දැනුම් දෙයි.

මීගමුව මුලස්ථාන පොලිස් පරීක්ෂක – 0718 591 630
මීගමුව පොලීසිය – 0312 222 227