hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජූලි 25, පෙ.ව. 11:46



තොරතුරු දැන ගැනීමේ පනත යටතේ හදිසි ඖෂධ මිලදී ගැනීම ගැන තොරතුරු ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, හදිසි මිලදි ගැනීම් කොපමණ ප්‍රමාණයක් සිදු කර තිබෙනවා ද ඒවාට වැයකර ඇති මුදල කොපමණද යන්න දැන ගැනීමට එම ලිපියෙන් අපේක්ෂා කරන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විටත් හදිසි මිලදි ගැනීම්වලින් ඉවත්ව නොමැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.