hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2023 පෙබරවාරි 07, ප.ව. 8:25



ජනාධිපති මන්දිරයේ තිබී අරගලකරුවන් විසින් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයක මුදල සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (06) පැය තුනක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පෙරවරුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි නිවස වෙත ගොස් එහිදී පැය තුනකට ආසන්න කාලයක් රාජපක්ෂ මහතාගෙන් මෙම මුදල් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

අරගලකරුවන් විසින් සොයාගත් මෙම මුදල කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත භාරදී තිබුණා.