hit counter

2025 ජූනි මස 03 වන අඟහරුවාදා

2023 මැයි 15, ප.ව. 12:31



රජය විසින් ලබාදෙන මහජන ආධාර කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ දෙහිඕවිට ප්‍රදේශයේ ඊයේ (14) සවස පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අනුව දැනට ඇතැම් පිරිස් සඳහා රජය විසින් ලබාදී ඇති වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදු තොරව ලබාදෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් පත්‍රයේ දෙවන උපලේඛනයේ ඒ පිළිබඳව නිශ්චිතව සඳහන් කර ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,

“විශේෂ හැකියාවන් තියෙන අය ඒ කියන්නේ ආබාධිත සහෝදර සහෝදරියන්ගේ අනෙක් පැත්තෙන් හඳුනානොගත් හේතුන් මත වකුගඩු රෝගීන් වූ සහෝදර සහෝදරියන්ගේ අනෙක් පැත්තෙන් වැඩිහිටි අයගේ ලබාදෙන ආධාර සඳහා කිසිම තැනකදී,දින වකවානු සහිත සීමාකිරීමක් මේ අලුත් නීතියෙන් කරලා නැහැ. පැහැදිලිවම ගැසට් පත්‍රයේ දින වකවානු සඳහන් කරලා නැහැ. මේ දෙන අකාරයටම අඛණ්ඩව රජය ඒ උදව්ව කරන්න බලාපොරොත්තු වෙනවා.”