hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2022 නොවැම්‍බර් 20, පෙ.ව. 6:39



නව ජාතික ආරක්ෂක මණ්ඩල පනතක් කෙටුම්පත් කිරීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසනවා.

මෙතෙක් ජාතික ආරක්ෂක මණ්ඩලය සතිපතා රැස් වුවත් එය විධිමත් ආකාරයෙන් ප්‍රතිසංවිධානය කිරීමට ජාතික ආරක්ෂක මණ්ඩල පනත උපයෝගී කරගනු ඇති බව දැනගන්නට තිබෙනවා.

එම පනත ක්‍රියාත්මක වීමේදී ඉන්දියාවේ මෙන් ශ්‍රී ලංකාවේද නව ජාතික ආරක්ෂක උපදේශක තනතුරක් ස්ථාපිත කෙරෙනු ඇති බවද වාර්තා වනවා.

දැනට මෙහි මූලික කෙටුම්පත් සකස් කර ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.