2023 ජනවාරි 15, පෙ.ව. 7:33
දැනට විවිධ විශේෂ අවශ්‍යතා සහ උත්සව ආදිය වෙනුවෙන් රාජ්‍ය සේවකයන්ට ලබාදෙන රජයේ නිවාඩු දින අඩුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමුව තිබෙනවා.
මේ ගැන අවධානය යොමුවී ඇත්තේ මහජනතාවට අත්‍යවශ්‍ය රාජකාරී ප්‍රමාදයකින් තොරව ඉටුකර ගැනීම වෙනුවෙන්.
ඒ අනුව රජයේ නිවාඩු දින අඩුකර වැඩ කරන දින ප්‍රමාණය වැඩිකිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේද දැඩි අවධානය යොමුව තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කරන ලෙසද හෙතෙම බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.
එමගින් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීම සහ මහජනතාවට රජයේ සේවයත් ප්‍රමාදයකින් තොරව ලබාගැනීමේ හැකියාව සපුරාදෙනු ඇතැයි අපේක්‍ෂා කෙරෙනවා.
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:05
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:04
2025 අගෝස්‍තු 04, පෙ.ව. 12:03