hit counter

2025 ජූනි මස 01 වන ඉරිදා

2023 ජූනි 29, ප.ව. 2:19



ඉදිරි අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරනවා.

රටේ පවතින ආර්ථික හිරවීම මධ්‍යයේ වුවද වැටුප් වැඩි කිරීමේ උවමනාවක් ජනාධිපතිතුමන්ට ද ඇති බවත් හෙතෙම පැවසුවා.

ඒ අනුව මේ වසරේ අවසන් කාර්තුව වන විට අයවැය ඉදිරිපත් කිරීමත් සමග වැටුප් වැඩි කීරීම සිදු කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පවසනවා.

ලක්ෂ 15ක් වන රාජ්‍ය සේවකයන් සියලුදෙනාගේම වැටුප් වැඩි කිරීමට රජයක් වශයෙන් දැඩි කළමනාකරණයක් ඇතිව සිදු කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙනවා.