2023 ජූලි 17, පෙ.ව. 9:47
            
රාජ්‍ය සේවකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වයට බලපෑමක් නොවන පරිදි දීර්ඝකාලීන නිවාඩු ලබාගැනීම සඳහා රජය ලබාදුන් සහනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් සංශෝධනය කර තිබෙනවා.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රන්ජිත් අසෝක මහතා පැවසුවේ, දැනට රාජ්‍ය අංශයේ සේවය කරන, එහෙත් නිවාඩු ලබා සිටින අයට, ඔවුන්ගේ නිවාඩු කාලය තුළ පවා ජ්‍යෙෂ්ඨත්වය ලැබෙන බැවින් එම විධිවිධානය අසාධාරණ බවට දැනට සේවයේ නියුතු අනෙකුත් නිලධාරීන්ගෙන් ලැබෙන පැමිණිලි අනුව මේ සංශෝධනය සිදු කළ බවයි.
ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමේ ක්‍රියාමාර්ගවල කොටසක් වශයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ට නිවාඩු ලබාදී මෙරට හෝ විදේශයන් හි සේවය කිරීමට ඉඩ සලසමින් ඉකුත් වසරේ සැප්තැම්බර් 15 දා නිකුත් කළ චක්‍රලේඛයක් මඟින් මේ පහසුකම ලබාදී තිබුණා.
ඒ අනුව, එම චක්‍රලේඛයේ සඳහන් “ජ්‍යෙෂ්ඨතාවයට බලපෑමක් නොවන ලෙස “ යන කොන්දේසිය ඉවත් කිරිමට පියවර ගත් බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.
ඇමැති මණ්ඩලය විසින් මෙම ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කර, වසර පහක වැටුප් රහිත නිවාඩු ලබාදීමේ යෝජනා ක්‍රමය මඟින් සේවා ජ්‍යෙෂ්ඨත්වයට දුන් සහනය මේ අනුව අවලංගු වනවා.
ලේකම්වරයා පවසා සිටියේ, මෙම වසරේ ජූලි 11 වැනිදාට පෙර ලබා ගත් නිවාඩු සඳහා නව චක්‍රලේඛය අදාළ නොවන අතර නව කොන්දේසිය ඇතුළත් චක්‍රලේඛය පසුගිය සතියේ නිකුත් කළ බවයි.
රාජ්‍ය අංශයේ සේවකයන් 2,000කට වැඩි පිරිසක් විදේශ සංචාර සඳහා මෙම ප්‍රතිලාභය භාවිතා කර විදේශ ගත වී ඇති බවයි වාර්තා වන්නේ.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
31-10-25
                                            31-10-25
28-10-25
                                            28-10-25
12-10-25
                                            12-10-25
07-10-25
                                            07-10-25
19-08-25
                                            19-08-25
17-08-25
                                            17-08-25
24-06-25
                                            24-06-25
16-06-25
                                            16-06-25
21-03-25
                                            21-03-25
19-03-25
                                            19-03-25
17-03-25
                                            17-03-25
12-03-25
                                            12-03-25