hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2024 මැයි 08, පෙ.ව. 12:01



අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ ජාතික හා පළාත් පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා 2021 දෙසැම්බර් 12 වන දින පවත්වන ලද තරග විභාගයේ ප්‍රතිඵල අනුව ඉංග්‍රීසි විෂයට අදාළව බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පැවැත් වීම සම්බන්ධයෙන් ය.

ඒ අනුව මැයි 10,11,13 සහ 20 යන දිනවල එම සම්මුඛ පරීක්ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම් දෙයි.

ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී මෙම සම්මුඛ පරීක්ෂණ පවත්වන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, මෙම සම්මුඛ පරීක්ෂණ සඳහා සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: