hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 09, ප.ව. 12:07



පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කරන ලද රාජ්‍ය සේවකයින්ට අද (09) දිනයේ සිට යළි සේවයට වාර්තා කිරීමට හැකියාව ලැබෙනවා.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ, තමන් සේවය කළ ස්ථානය තම ඡන්ද බල ප්‍රදේශය නම් එම ස්ථානයේ සේවය කළ නොහැකි බවයි.

අද(09) දිනයේ සේවයට වාර්තා කර තම ආයතන ප්‍රධානියා මගින් වෙනත් ඡන්ද බල ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාගත යුතු බව ලේකම්වරයා පැවසුවා.

එම සේවකයින්ට වැටුප් ලබාගැනීමට වෙනත් ඡන්ද බල ප්‍රදේශයකට ස්ථාන මාරුවක් ලබාගැනීම අනිවාර්ය බව ලේකම්වරයා සඳහන් කළා.

මේ අතර මෙම තත්ත්වය තුළ පළාත් පාලන මැතිවරණ වෙනුවෙන් ඉදිරිපත් වූ නාමයෝජනා අවලංගු වීමක් සිදුනොවන බව, මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක මහතා සඳහන් කළේ, යළි මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කළ පසු නාමයෝජනා ඉදිරිපත් කර ඇති රාජ්‍ය සේවකයින් තාවකාලිකව සිය රැකියාවෙන් ඉවත් වී මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ විය යුතු බවයි.