hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 02, ප.ව. 2:24



“ග්‍රීන් කාඩ්” ලොතරැයිය ලෙසින්ද හැඳින්වෙන 2026 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහන ආරම්භ කරන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසනවා.

මෙම වැඩසටහන ඔක්තෝබර් 2 වන දින දහවල් 12.00 සිට (මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ට ) මාර්ගගත ලියාපදිංචිය සඳහා විවෘතවන අතර 2024 නොවැම්බර් 5 (මෙරට වේලාවෙන් රාත්‍රී 10.30 ට ) දක්වා මේ සඳහා ලියාපදිංචි විය හැකියි.

1990 සංක්‍රමණ පනත මගින් විවිධත්ව වීසා (DV) වැඩසටහන ස්ථාපිත කර ඇති අතර, 1995 මූල්‍ය වර්ෂයේ සිට වාර්ෂික ලොතරැයියකින් සංක්‍රමණ වීසා 55,000 ක් ලබා දෙන බව සඳහන්.

මෙම ලොතරැයිය මගින් අමෙරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික ජනගහනය විවිධාංගීකරණය කිරීම අරමුණු කරන අතර බොහෝ දුරට අයදුම්කරුවන් තෝරා ගන්නේ, පසුගිය වසර පහ තුළ එක්සත් ජනපදයට අඩු සංක්‍රමණ අනුපාතය ඇති රටවල්වලින් බව සඳහන්.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ https://dvprogram.state.gov/ ඔස්සේ එයට අයදුම් කළ හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: