2023 මැයි 18, ප.ව. 5:21
වගා ආරක්ෂණය සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය වෙනුවෙන් පෙර පැවති නීති සංශෝධනය කර ඇති අතර එම බලපත්‍ර නිකුත් කිරීම සඳහා තිබිය යුතු වගා භූමි ප්‍රමාණය අක්කර පහක් (05) දක්වා සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව තෙන්නකෝන් මහතා සඳහන් කරනවා.
මේ පිළිබඳව පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුයේ වසරක් තුල විවිධ වන සතුන් හේතුවෙන් විශාල වශයෙන් බෝග විනාශයට පත් වන බැවින් කාලීන අවශ්‍යතාවයක් ලෙස සලකා මේ පියවර ගත් බවයි.
මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීම, ගොවි ආර්ථිකය ශක්තිමත් කිරීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව සඳහා කරනු ලබන ධනාත්මක වැඩසටහන් පිළිබඳ රජය විසින් අවධානය යොමු කර ක්‍රියාකරන බව ද තෙන්නකෝන් මහතා වැඩිදුරටත් පැවසුවා.
ශ්‍රී ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය දෑ රට තුළම නිෂ්පාදනය කිරීමට සහ රටේ කෘෂිකර්මාන්තයේ දියුණු කිරීමට ගොවි ජනතාවට ශක්තිමත් අත්වැලක් සැපයීමට පසුබිම සැලසීමට නොපසුබටව කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.
වගා ආරක්ෂණ කටයුතු සඳහා ගිනිඅවි භාවිතය සම්බන්ධ තොරතුරු පිළිබඳ වැඩිදුර විස්තර අදාල දිස්ත්‍රික් ලේකම් කාර්යාල වලින් ලබා ගත හැකි බව මේ සම්බන්ධයෙන් කරුණු ගෙන හැර දැක්වූ අමාත්‍යවරයා තවදුරටත් පැවසුවා.
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:05
2024 දෙසැම්බර් 27, පෙ.ව. 12:04