hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2022 සැප්‍තැම්‍බර් 09, ප.ව. 5:33



2021 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට කිසිදු හානියක් වී නොමැති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පාසල් සිසුවෙකු විභාග දෙපාර්තමේන්තු නිල වෙබි අඩවියට අනවසරයෙන් ඇතුළු වී ප්‍රතිඵල වෙනස් කර ඇතැයි පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

අදාළ සිසුවා දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් ප්‍රතිඵල දත්ත ලබා ගෙන ඔහුගේ වෙබ් අඩවියකින් ප්‍රතිඵල පළ කිරීමට උත්සහ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල ප්‍රදේශයේ පදිංචි පාසැල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැරීමට අධිකරණය නියෝග කළේ.