hit counter

2025 මැයි මස 14 වන බදාදා

2024 ජූලි 09, පෙ.ව. 12:06



අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා කොළඹ පැවති සමස්ථ ලංකා අධිකරණ ලඝු ලේඛක සංගමයේ 2024 වාර්ෂික සම්මේලනයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් පවසා සිටියේ, රාජ්‍ය සේවය තුළ සිදු වන ලිංගික අල්ලස වැළැක්වීම සදහා ලිංගික අල්ලස් ලබා ගැනීම සාපරාධී වරදක් ලෙස දුෂණ විරෝධී පනතට ඇතුළත් කළ බවයි.

කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේද සිදු වන දුෂණ වංචා රටේ ආර්ථිකයට බලපානා බැවින් එම දුෂණ වැළැක්වීමටත් නව දුෂණ විරෝධි පනත තුළින් කටයුතු කර තිබෙනා බවයි.

ලිංගික අල්ලස අද රාජ්‍ය සේවයේ බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව ඇති බව පෙන්වාදුන් අමාත්‍යවරයා මෙරට රාජ්‍ය සේවය තුළ වැඩි සංඛ්‍යාවක් කාන්තාවන් සිටිනා බැවින් එම කාන්තාවන් ආරක්ෂා කිරීමේ රජය සතු වගකීමද අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අපේ රට වර්තමානය වන විට යහපත් තත්වයට පැමිණෙමින් තිබෙනවා. රට නිවැරදි මාර්ගයට යොමු කළ හැකි නීති පද්ධතිය සකස් කිරීමට පසුගිය වසර දෙකක කාලය තුළ අප කටයුතු කළා.

වෙනසක් ඉල්ලූ ජනතාවට ඒ වෙනස කිරීම සදහා අවශ්‍ය නීති රාමුව සකස් කළා. තවත් නීති ගෙන ඒමටත් නියමිතයි. එබැවින් නීති රාමුව ක්‍රියාත්මක කිරීමට වගකීම සහ වගවීම තේරුම්ගත් රටට රටේ ජාතික සම්පත්වලට ආදරය කරන නායකයින් සහ ආණ්ඩුවක් අවශ්‍යයි.

ඒ සදහා මහජනයාට ඉදිරියේදී අවස්ථාව උදා වෙනවා. අපි විශ්වාස කරනවා ජනතාව බුද්ධිමත්ව තීන්දු ගනියි කියලා. එසේ නොවුනොත් නැවතත් රට ආගාධයට යනවා. අපේ රට කුමන හෝ රාජ්‍යයක යටත් විජිතයක් වෙන්නත් පුළුවන්. රටට ආදරය කරන ශ්‍රී ලාංකියින් වශයෙන් ඔබට තෘප්තිමත් සේවයක් කිරීමට අවස්ථාව ලබා ගත හැක්කේ රට ගොඩනැගුවහොත් පමණයි”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: