2024 පෙබරවාරි 18, ප.ව. 3:12
අමාත්‍ය හරින් ප්‍රනාන්දුට එරෙහිව නඩු පැවරීම සඳහා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර සදහන් කරයි.
පසුගියදා ඉන්දියාවෙිදී අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ප්‍රකාශ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවත් මන්ත්‍රීවරයෙකු වශයෙන් ලබාදෙන දිවුරුම කඩ කර ඇති බවද සදහන් කරයි.
සිදුකළ එම ප්‍රකාශය හරහා ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනයන කරන බැවින් අමාත්‍යවරයාට එරෙහිව නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර සදහන් කරයි.
ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක් බවට ඉන්දියාවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අමාත්‍යවරයාට එරෙහිව නුදුරු දිනයක නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර සදහන් කරයි.
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:13
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:10
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:09
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:07
2025 අගෝස්‍තු 03, පෙ.ව. 12:06