hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 21, ප.ව. 1:35



ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරන සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ගේ විනය සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඔහු සඳහන් කලේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් මීට වඩා නිහතමානී වන්නේ නම් තරග පරදින විට ප්‍රේක්ෂකයින්ගේ දෝෂාරෝපණයට ලක් නොවනු ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා,

“අපි කලබල විය යුතු නැහැ. කණ්ඩායම නිහතමානී වුණා නම්.. ඇටිඩියුඩ් එක වෙනස් වුණා‌ නම් මැච් පැරදුණා කියලා ක්‍රීඩකයින්ට ලංකාවේ මිනිස්සු බැනලා නැහැ මෙතෙක් කල්. මිනිස්සු හරි ආදරය කළා. ඒ නිසා දැන් ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් අලුත් පුහුණුකරුවෙක් තාවකාලිකව ඇවිල්ල තියෙනවා. එතුමා ඉස්සෙල්ලා ම මට ආරංචි විදිහට කරලා තියෙන්නේ, ඔක්කොගේම කොණ්ඩ කපලා.. කරාබු ගලවලා.. ඒ වගේ දේවල් කරලා තියෙනවා. ක්‍රීඩාවට විනය කියන දෙයක් අවශ්‍ය වෙනවා. මං හිතන්නේ සනත් ජයසූරිය වගේ ක්‍රීඩකයෝ ක්‍රීඩා කරද්දි ඔවුන් හොඳ විනයක් ඇතුව ක්‍රීඩා කරා. ක්‍රීඩාවට ගොඩාක් ආදරය කළා. ලොකු ලෙන්ගතුකමක් කරා. ආරම්භය හොඳට මතක් කරගෙන හිටියා. මං හිතනවා දැන් ඉන්න නූතන ක්‍රීඩකයන්ට පුංචි අඩුවක් තියෙනවා. ඒක ක්‍රීඩකයන්ගේ වරදක් නෙවෙයි. මේ තියෙන කාලය පිළිබඳ ප්‍රශ්නයක්..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: