hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2024 අගෝස්‍තු 19, ප.ව. 3:27



හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දුට සහ මනූෂ නානායක්කාරට විශේෂ ජනාධිපති උපදේශක දුර දෙකක් ලබා දී තිබෙනවා.

ඒ, අනුව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට හරීන් ප්‍රනාන්දු පත් කර ඇති අතර මනූෂ නානායක්කාර කම්කරු හා විදේශ රැකියා පිළිබඳ උපදේශක ලෙසත් පත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඊට අදාළ ලිපිය පසුගිය 16වෙනිදා ඔවුන් වෙත යොමු කර ඇති අතර පසුගියදා ලබාදුන් අධිකරණ තීන්දුවකට අනුව හරීන් ප්‍රනාන්දුගේ හා මනූෂ නානායක්කාරගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහෝසි විය.

ඒ අනුව ඔවුන් එවකට දරමින් සිටි අමාත්‍ය ධුරද අහෝසි වූ අතර එම පුරප්පාඩු වූ මන්ත්‍රී ධුර ජනාධිපතිවරයා යටතට පවරා ගනිමින් ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබුවා.