hit counter

2025 මැයි මස 31 වන සෙනසුරාදා

2025 මැයි 06, ප.ව. 3:57



මැතිවරණයේ නිහඬ කාලසීමාව තුළ තම පාක්ෂිකයන් ප්‍රචාරක කටයුතු කිරීමට පෙළඹවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඇය ප්‍රතිචාර දක්වයි.

අද සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඇය කියා සිටියේ එම ප්‍රකාශයෙන් තමන් මැතිවරණය නීති උල්ලංඝනය කිරීමට අදහසක් නොකළ බවය.

කෙසේ වෙතත් තමන් අතින් මැතිවරණ නීතිය උල්ලංඝනය වූයේ නම් අදාළ ක්‍රියාමාර්ග ගැනීමට මැතිවරණ කොමිසමට හැකියාව ඇති බවද ඇය පැවසුවාය.

“මගේ කිසිම අදහසක් තිබ්බෙ නෑ මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ අදහසකින් නෙවෙයි. මං ඒක කිව්වෙ පැහැදිලිවම කිව්වා නිල වශයෙන් අපේ ප්‍රචාරක කටයුතු අවසන් විය යුතුයි, අවසන් කරන්න ඕනේ කියලා.

එතන මගේ වූ නීති උල්ලංඝනය වීමක් සිද්ධ වුණා නම් මැතිවරණ කොමිසම ගන්න ක්‍රියාමාර්ග, අගමැතිද කවුද කියන එක නෑ. ඒක මටත් අදාළ වෙනවා. ඒකට මම ගරු කරනවා සහ මම සතුටු වෙනවා

මොකෝ ඉස්සර මේ වගේ දේවල්වලට නෙවෙයිනේ චෝදනා ආවේ. මීට වඩා බරපතළ දේවල් සිදු වූනේ. ජනතාව මේවා ගැන අවදියෙන් ඉන්න එක, පොඩි වැරැද්දක් හරි වුණොත් ඒක පෙන්වා දෙන එකත් මං කියන්නේ මේ ඇතිවෙලා තියෙන දේශපාලන වෙනසේ එක ලකුණක්”

නීති විරෝධී ලෙස මැතිවරණ ප්‍රචාරක කටයුතු කිරීමට සිය ආධාරකරුවන්ට ආධාර අනුබල දුන් බවට අගමැතිනි හරිනි අමරසූරියට චෝදනා කරමින් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිසමට ලිපියක් යොමු කර තිබේ.

නිහඬ කාලය තුළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා පෙළඹවීම මැතිවරණ නීති උල්ලංඝනයක් බව ද එම සංවිධානය පෙන්වා දෙයි.

මැතිවරණ කොමිසම් සභාව වෙත ලිපියක් යොමු කරමින් පැෆරල් සංවිධානය ඉල්ලා සිටින්නේ මැතිවරණ ක්‍රියාවලියට මෙන්ම නිදහස් මැතිවරණයක් සඳහා ද බලපෑම් කරන අගමැතිනියගේ මෙම ක්‍රියාව පිළිබඳ සොයා බලා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: