2025 ජූලි 11, පෙ.ව. 12:21
එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවේ අපනයන සඳහා 30%ක බද්දක් පැනවීමේ දුර්ලභ අවස්ථාවකදී, දේශපාලනය පසෙක තබා රජය සහ විපක්ෂය එක්ව කටයුතු කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කර සිටී.
මෙම බද්ද තවදුරටත් අඩු කර ගැනීම සඳහා රජය වහාම එක්සත් ජනපදය සමඟ සාකච්ඡා ආරම්භ කළ යුතු බව ඒ මහතා පවසයි.
එසේම, එම සාකච්ඡා සඳහා අවශ්‍ය ක්‍රමවේදය සකස් කර ගැනීමට විපක්ෂය සමඟද සාකච්ඡා කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.
එක්සත් ජනපදයේ 30%ක බද්ද පිළිබඳව අදහස් දක්වමින්, මන්ත්‍රීවරයා තවදුරටත් පැවසුවේ, මෙය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොළ සමඟ ඒකාබද්ධ කිරීමට ජනාධිපතිවරයාට ලැබුණු විශිෂ්ට අවස්ථාවක් බවයි.
2025 ජූලි 11, පෙ.ව. 7:59
2025 ජූලි 11, පෙ.ව. 12:17
2025 ජූලි 11, පෙ.ව. 12:17
2025 ජූලි 11, පෙ.ව. 12:13
2025 ජූලි 11, පෙ.ව. 12:11